ජල නලයක් පුපුරා වාහන ධාවනයට බාධා

දෙසැ 19, 2018

    දඹුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ හා දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ජල නල පුපුරා යන ප්‍රදේශවාසීහු පවසති.

    නිසි ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම් සිදු කිරීම ඊට හේතුව බවයි, ඔවුන් පවසන්නේ. මේ නිසා, රථවාහන ධාවනයට සහ ප්‍රදේශවාසීන්ට ද ගැටලු රැසක් ඇතිවී තිබේ. රථවාහන අනතුරු කිහිපයක් ද වාර්තා වේ. ස්ථාන කිහිපයක ගිලා බැසීමට ද ලක්ව ඇත.

    මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියට සහ ජල සම්පාදන මණ්ඩලයට පැමිණිලි කර තිබේ. ඊට නිසි විසඳම් ලැබී නැතැයි, ප්‍රදේශවාසීහු චෝදනා කරති.

    Latest News