සීදුව රත්කරමින් අළුයම වෙඩි තැබීමක්

දෙසැ 19, 2018

    සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි කොන්ෆීට් නමැති සමාජ ශාලාව තුලට පැමිණි පිරිසක් හා සමාජ ශාලාවේ සේවකයෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් වෙඩි තැබීමක් සිදුව තිබේ.

    සමාජ ශාලාවට පැමිණි පුද්ගලයෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කෙරිණ. වෙඩි තැබීම සිදුව ඇත්තේ අද (19) අළුයම 2.00ට පමණ. මෙම වෙඩි තැබීම සමාජ ශාලාවේ හිමිකරු විසින් සිදුකර ඇති බවට පොලීසිය කළ විමර්ශනයෙන් අනාවරණය වී තිබේ. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Siduwa2 900px 18 12 19

    Siduwa 900px 18 12 19

    Last modified on බදාදා, 19 දෙසැම්බර් 2018 10:01

    Latest News