විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂට

දෙසැ 19, 2018

    විපක්ෂ නායකත්වය ලෙස පිළිගන්නේ විපක්ෂයේ අසුන් ගෙන සිටින බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ නායකයා බව කථානායක කරු ජයසූරිය මහතා අද(18) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා තමන් පිළිගන්නා බවට කථානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය.

    විපක්ෂ නායක ධුරය ලබා දීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කළේය. අනතුරුව පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී කතානායක කරූ ජයසූරිය මහතා ඒ බව නිවේදනය කළා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලබා දී ඇත්තේ මහින්ද අමරවීර මහතාටයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 දෙසැම්බර් 2018 08:21

    Latest News