බදුල්ලේ සමෘද්ධිලාභීන්ට රුපියල් මිලියන 344ක්

අප්‍රේ 03, 2020

    කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා ලබාදෙන අරුණළු සහන ණය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 69,013 ක් සඳහා රුපියල් මිලියන 344 ක ගෙවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.

    කොරෝනා ගැටළුවට බදුල්ල දිස්ත්‍රික්යේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය දී අද (03) පැවැති හමුවකදී පැවසුවාය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සමෘද්ධිලාභී පවුල් 76,351 න් පවුල් 69,013 ක් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පළමු අදියර ලෙස රු.5000 ක් බැගින් මෙම සහන ණය ගෙවා ඇති අතර සෙසු පවුල් සඳහා ඉදිරි දෙසතිය තුළ එම මුදල් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහත්මිය සඳහන් කළාය.

     

    Latest News