කොරෝනා මර්දනයට මෙරටට ලෝක බැංකුවෙන් ඇ.ඩොලර් මිලියන 128ක් (වීඩියෝ)

අප්‍රේ 03, 2020
  • කොරෝනා ආසාදනය මර්දනය කිරීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන එකසිය විසි අටක සහන ණය ප්‍රතිපාදන ලබාදීමට තීරණය කර තිබේ.

    ඒ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය මැඩලීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමක් කිරීම සඳහායි.

    ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඊයේ මෙම කඩිනම් ණය ආධාර මුදල අනුමත කර තිබේ. ඉතා කෙටි කාලයක් තුළ පිරිනමනු ලබන මේ මූල්‍ය ප්‍රතිපාදන මගින් ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස ව්‍යාප්තිය අඩාල කිරීම, ජන සමාජය තුළ එය පැතිරීම වැළැක්වීම හා රෝගයට මුහුණදීමේ හදිසි යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට අපේක්ෂිතයි.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 20:35

    Latest News