විශ්‍රාමිකයින් සඳහා දින 3 කට ඖෂධ අලෙවිසැල් විවෘත ‍කිරීමට පියවර

අප්‍රේ 01, 2020

    විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා දින 3කට ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ අනුව හෙට(02) අනිද්දා (03) සහ අප්‍රියල් 6 වන දින මෙම අලෙවිසැල් විවෘතව තැබේ.

    විශ්‍රාම වැටුප් ලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය ඖෂධ මිලදී ගැනීම සඳහා මෙලෙස ඖෂධ අලෙවිසැල් විවෘතව තැබීමට පියවර ගනු ලබන අතර ඔවුන්ට සිය ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.

    Latest News