ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර මැයි 12 තෙක් දීර්ඝ කෙරේ

අප්‍රේ 01, 2020

    ශ්‍රී ලංකාවේ ‍වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර කාලය 2020 මැයි 12 වන දින තෙක් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    ඒ අනුව දැනට ලබා ගෙන ඇති සියලුම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය 2020 මාර්තු 14 වන දින සිට අප්‍රේල් 12 වන දින තෙක් දීර්ඝ කළ බව රජය පසුගිය දා දැනුම් දෙනු ලැබීය.

    රට තුළ පවතින කොරෝනා වෛරසය පිළිබඳ අවධානය යොමු කරමින් ලංකාවට පැමිණ තිබෙන විදේශිකයන්‍ ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දින 30 කින් දීර්ඝ කර ඇත.

    එනුව කටයුතු කළ යුතු ආකාරය පහතින් දැක්වෙයි.

    01. දැනට ලබා දී ඇති සියලූම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020 මැයි 12 දින තෙක් දීර්ඝ කර තිබේ.

    02.එම වීසා දීර්ඝ කිරීමට අදාළව, වීසා ගාස්තු ගෙවීම හා වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගැනීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය ඉදිරි‍‍යේ දී දැනුම් දෙනු ඇත.

    03.පෙර කී නිවේදනය පරිදි එම දිනයන්හිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශයට පැමිණිමෙන් වළකින ලෙස වැඩිදුරටත් දැනුම් දෙයි.

    04.මෙම කාලය තුළ දී දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම්, ඉහත වීසා දීර්ඝ කිරීමට අදාළ වීසා ගාස්තු පමණක් ගුවන් තොටුපල වෙත ගෙවා දිවයිනෙන් බැහැර ‍වී යා හැක. එහිදී කිසිදු දඬ මුදලක් අය නොකරයි.

    05.දැනටමත් වීසා ලබා ගැනීම සඳහා ගමන් බලපත්‍ර, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වීසා අංශය වෙත ලබා දී ඇත්නම්, එහිදී ඔබ වෙත ලබා දී ඇති පිළිගැනීමේ රිසිට් පත‍්‍රයෙහි(Acknowledgement) වලංගු කාලය ද තවත් දින 30 කින් එනම් 2020 මැයි 12 වන දින තෙක් දිර්ඝ කර තිබේ.

    මෙම කාලය තුළ දී ඔබ දිවයිනෙන් බැහැර වීමට අදහස් කරන්නේ නම් පමණක් ඔබගේ ගමන් බලපත්‍රය මෙම දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීම සඳහා ඉල්ලීමක්, අදාළ පිළිගැනීමේ රිසිට් පතේ (Acknowledgement) පිටපතක් හා ගුවන් ගමන් ටිකට් පත්‍රයෙහි පිටපතක් සමඟ පහත විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුයි.

    වැඩිදුර විමසීම් - 077 1558 8724

    This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Latest News