අද පස්වරු 2 සිට පැනවෙන ඇඳිරිනීතිය ලබන 6 උදේ 6.00 දක්වා

අප්‍රේ 01, 2020

    අද පස්වරු 2 සිට පැනවෙන ඇඳිරිනීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තුරු දිගටම බලාත්මකව පවතියි.

    සෙසු සියළු දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද (01) උදේ 6.00ට ලිහිල් කෙරුණු අතර, අද දහවල් 2.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල යළි පැනවෙන ඇඳිරි නීතිය අප්‍රේල් 06, සඳුදා උදේ 6.00 දක්වා ක්‍රියාත්මකව පවතිනු ඇත.

    අත්‍යාවශ්‍යම සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කර්යක්ෂමව පවත්වාගෙන යනු පිණිස යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

    Latest News