චෙන්නායි සිට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමු වන්න..

මාර් 28, 2020

    ඉන්දියාවේ චෙන්නායිහි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දැනුම් දෙයි.

    අද දිනයේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් සිව් දෙනාගෙන් දෙදෙනෙකුම චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් බව ඔහු ප්‍රකාශ කළේය.

    චෙන්නායි සිට මෙරටට පැමිණි පුද්ගලයින්ට ඔවුන්ගේ නේවාසික ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත දැනුම් දෙන ලෙස උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on සෙනසුරාදා, 28 මාර්තු 2020 18:23

    Latest News