කොළඹ වරායේ ජයා බහලුම් පරිශ්‍රය විෂබීජානුහරණයට

මාර් 21, 2020

    කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව විෂබීජහරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ පූර්ණ උපදෙස් මත නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් ‘නව කොරෝනා’ වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට ක්‍රියාමාර්ගයන් රැසක් ගෙන තිබේ.

    එහිදී එම පරිශ්‍රයන්හි රාජකාරි නියුතු පුද්ගලයින් හට ආරක්‍ෂිතව රාජකාරි කිරීමට හැකි වන පරිදි සියළුම ස්ථානයන් ආවරණය වන ලෙස සම්මත ක්‍රියා පිළිවෙලට අනුව ක්‍රමවත්ව විෂබීජහරණ කටයුතු සිදු කෙරිණ.

    රටේ ආර්ථිකයට සෘජු බලපෑමක් එල්ලකල හැකි මෙවැනි ස්ථානයන් වෛරසය ව්‍යාප්තවීම මගින් අකර්මන්‍ය වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැළැක්වීම සඳහා විෂබීජ හරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 12:58

    Latest News