තැපැල් සේවකයින් මගින් ඖෂධ බෙදා හැරේ - ලබන සඳුදා සිට

මාර් 28, 2020

    රජයේ රෝහල් වලින් සායනික ප්‍රතිකාර ගන්නා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ලබන සඳුදා සිට තැපැල් සේවකයින් මගින් බොහැරීමට සැලසුම් කර තිබේ.

    තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ, ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සුදානම් කරමින් ඇති බවයි.

    මේ අතර පෞද්ගලික ඖෂධ අලෙවිසල් මගින් ඔන්ලයින් ක්‍රමයට ඖෂධ ඇනවුම් කර අදාළ ඖෂධ අලෙවිසල සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් ඒ බව ප්‍රදේශය භාර පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දෙන ලෙස නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    එම අවස්ථාවල පොලීසිය මැදිහත්ව එම කටයුතු සම්බන්ධීකරණය කරන බව ද එම නිවේදනයේ සඳහන්.

    Latest News