මග දී ඇල්ලූ කසල තේ ලොරිය

දෙසැ 18, 2018

    කසළ තේ කිලෝ 2,325ක් සමඟ සැකකරුවෙකු වෙලම්බොඩ පොලීසිය අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, තේ තොගය උඩුනුවර, බූවැලිකඩ ප්‍රදේශයට ලොරි රථයකින් රැගෙන යමින් සිටියදීය. බැහැර කිරිමට නිර්දේශිත කසළ තේ දේශීය වෙළෙදපොළ ඉලක්ක කර ගනිමින් රසායනික ද්‍රව්‍ය යොදා පිරිසිදු තේ ලෙස සකස් කිරීමට ඒවා රැගෙන ගොස් තිබේ.

    උඩුනවර ප්‍රදේශයේ තේ නිෂ්පාදනාගාර 2,500කට අදික ප්‍රමාණයක් ඇති අතර, ඔවුන් දේශීය හා විදේශීය වෙළෙදපොල ඉලක්ක කර ගනිමින් කසළ තේ පිරිසිදු තේ ලෙස සකස් කර ඒවායේ නිෂ්පාදනය කෙරේ. තේ තොගය රැගෙන ගිය ලොරි රථයට, නෛතික ලේඛන කිසිවක් නොමැත. සැකකරු, ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 11:18

    Latest News