කසල තේ කිලෝ 6100ක් අත්අඩංගුවට

ජූලි 30, 2019

    කොළඹ තේ වෙළෙඳපොළට ගෙන එමින් තිබු කසල තේ කිලෝ 6100 ක් පේරදෙණිය අගුණවල ප‍්‍රදේශයේ දී ගම්පොළ විශේෂ කාර්ය බළකා කඳවුරේ භට කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් කසල තේ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 13 ට අධික බව විශේෂ කාර්ය බළකාය පවසයි.

    ගෙලිඔය සිට ලොරියකින් කොළඹට කසල තේ ප‍්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් අනුව විශේෂ කාර්ය භට කණ්ඩායමක් විසින් ලොරිය ද සමඟ මෙම කසල තේ තොගය අත්අඩංගුවට ගනු ලැබිණ.

    Latest News