විජේමුණි - ඉන්දික - ලක්ෂ්මන් ආණ්ඩු පක්ෂයට

දෙසැ 18, 2018

    කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අදත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරිණ. 

    එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වන විජිත් විජේමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක, ලක්ෂ්මන් සෙනවිරත්න යන අය ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීම විශේෂත්වයකි. 

    කතානායවරයා විසින් ලක්ෂ්මන් කිරිඇල්ල සභානායක ධූරටත්, ගයන්ත කරුණානායක ප්‍රධාන සංවිධායක ධූරයටත් පත් කෙරිණ.

    මේ අතර විපක්ෂ නායක ධූරය සදහා හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පත් කිරීමට තීරණය කල අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පත්කිරීමට මහින්ද අමරවීරගේ නමත් තීරණය කලේය.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහි දී මහින්ද රාජපක්ෂ මහතාගේ නම විපක්ෂ නායක ධුරයට යෝජනා වී තිබූ බවට වාර්තා විය.

    Latest News