විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ට මිලියන 14 ක ශිෂ්‍යත්ව

දෙසැ 18, 2018

    මධ්‍යම පළාතේ හා නැගෙනහිර පළාතේ විගමණික ශ්‍රමිකයින්ගේ දූදරුවන්  601 දෙනෙකු සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් රු. 14,915,000.00 ක ශිෂ්‍යත්ව ප්‍රදානය කරන ලදී.

    මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ යන දිස්ත්‍රික්කවල දරුවන් 349 දෙනෙකු සදහා රු. 8,720,000.00 ශිෂ්‍යත්ව පිරිනැමීම උඩරට කලා සංගම්  ශාලාවේදී පැවැත්විණි.  මෙහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 81 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 228 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 40 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

    අම්පාර දිස්ත්‍රික්කයේ දරුවන් 252 දෙනෙකු සදහා රු.6,195,000.00 ක ශිෂ්‍යත්ව අම්පාර ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී ලබාදුන් අතර, එහිදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 85 ක්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් 135 ක් සහ විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් 32 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමන ලදී.

    කාර්යාංශයේ මගින් වාර්ෂිකව මෙසේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදුකරන අතර, කාර්යාංශයේ ලියාපදිංචිවිදේශ රැකියාවල නිරතවී සිටින දෙමාපියන්ගේ දූ දරුවන් සඳහා මෙම ශිෂ්‍යත්ව පිරිනැමේ.

    පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවෙකු සදහා රු.20,000.00 බැගින්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවෙකු සදහා රු.25,000.00 බැගින් හා විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ දරුවෙකු සදහා රු.35,000.00 බැගින්ද මුල්‍යමය ශිෂ්‍යත්ව ලබාදෙන ලදී.

    2018 වර්ෂයේදී විගමණික දෙමාපියන්ගේ දරුවන් 3203 දෙනෙකු සඳහා රු.80,130,000.00 මුදලක් ශිෂ්‍යත්ව වශයෙන් පිරිනැමීමට නියමිතය.

    Last modified on අඟහරුවාදා, 18 දෙසැම්බර් 2018 11:13

    Latest News