ඉරණවිල "ඇමරිකන් හඩ" COVID-19 ප්‍රතිකාර සඳහා කඩිනමින්

මාර් 27, 2020

    හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබදව සොයා බැලීමට ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති ඇමරිකන් හඩ සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව සදහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක් විය.

    අදහස් දැක්වූ අමාත්‍යවරිය..

    "ජනාධිපතිතුමා විසින් යුධ හමුදාපතිතුමාට දැනුම් දී තිබුනා මෙම ස්ථානය තාවකාලිව COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කිරීමට කටයුතු කරන ලෙස. ඒ අනුව යුධ හමුදාපති තුමා සහ යුධ හමුදාවේ සම්පූර්ණ මැදිහත්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයත් ඇතිව මෙම ස්ථානය ඉතා ඉක්මණින් COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් රෝහලක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරනවා. මෙම ස්ථානයේ COVID-19 රෝගීන් 50 කට ප්‍රතිකාර ලබාදිය හැකියි. ජනාධිපතිතුමාගේ තීරණයට අනුව පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා පළාත් සභා දේශපාලන නියෝජිතයින් කටයුතු කිරීම කැපී පෙනෙන කරුණක්."

     

     

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 13:14

    Latest News