කටුනායක අයෝජන කලාපයේ සේවකයින් නිවෙස් වෙත

මාර් 27, 2020

    දිවයින පුරා පිහිටි සියලුම නිදහස් වෙළෙඳ කලාප නැවත දැනුම් දෙනතෙක් වසා තැබීමට රජය තීරණය කළේය. ඒ අනූව, කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවක සේවිකාවන් පන් දහසකට අධික පිරිසක් අද නිවෙස් වෙත පිටත් කර හැර තිබිණ.

    ඇඳිරිනීතිය පැනවීමත් සමග වෙළෙඳ කලාපවල සේවය කරන සේවක සේවිකාවන් රැසක් නවාතැන් කාමරවල රැඳී සිටීම හේතුවෙන්, ඔවුන් යළි පිටත් කර හැරීමට රජය තීරණය කළේය. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, ආයෝජන මණ්ඩල ප්‍රධානීන් හා කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ නියෝජිතයින් සමග කළ සාකච්ජාවකින් අනතුරුවයි. ඒ අනූව අද උදෑසන කටුනායක වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් පන් දහසකට අධික සංඛ්‍යාවකට නිවෙස් බලා යාමට අවශ්‍ය පහසුකම් සලසා තිබිණ.

    ඒ පොලීසියේ සහ ත්‍රිවිධ  හමුදාවේ දැඩි අධීක්ෂණය යටතේයි. සේවක සේවිකාවන් පිටත් කර හැරීමට පෙර ගුවන් හමුදාව ඔවුන් විශේෂ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරිමට ද කටයුතු කළේය. තවත් 2,000ක පමණ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 12:44

    Latest News