නිරෝධායනය අවසන් කළ 501ක් අද පිටව යයි

මාර් 27, 2020

    කොරෝනා වෛරසය පවතින රටවල සිට පැමිණි පුද්ගලයන් නිරෝධායනය කිරීමේ ක්‍රියාවලිය ද අඛණ්ඩව සිදු කෙරෙමින් පවතියි.

    නිරෝධායන කාලසීමාව අවසන් කර ඊයේ වන විට 678 දෙනෙකු පිටව ගොස් තිබිණ. නිරෝධායනයට ලක් කෙරෙමින් සිටි 2,866 දෙනෙකුගෙන් තවත් 501 දෙනෙකු නිරෝධායන කාලසීමාව අවසන් කර එම මධ්‍යස්ථානවලින් අද පිටව ගියේය. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 25 දෙනෙකු, පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 167 දෙනෙකු හා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 309 දෙනෙකු එම පිරිසට ඇතුළත්.

    කෑගල්ල දිස්ත්‍රික්කයේ විදෙස් ගතව සිට පැමිණි 1,586 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, ඉන් 540 දෙනෙකු සිය නිරෝධායන කාල සීමාව අවසන් කර ඇති බවයි.

    හාලිඇළ ප්‍රදේශයේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වූ පිරිසකට නිරෝධායන කාලය අවසන් බවට වන සහතිකය ලබාදීමට හැලිඇළ සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කළේය.

     

     

    Last modified on සිකුරාදා, 27 මාර්තු 2020 12:16

    Latest News