මැනිං තොග වෙළදුන් පෑලියගොඩට

නොවැ 11, 2020

    කොළඹ මැනිං වෙළදපොළට පැමිණෙන තොග වෙළදුන්ට පෑලියගොඩ ප‍්‍රදේශයේ නව ස්ථානයක් ලබාදීම රජයේ අවධානය යොමුව තිබේ.

    රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් භූමියක් ඒ සදහා වෙන් කිරීමට නියමිතයි. මැනිං වෙළදපොළ වසා දැමීමත් සමඟ දුෂ්කරතාවට මුහුණ පා සිටින වෙළදුන්ට සහන සැලසීම මෙහි අරමුණයි.

    මේ වන විට කොරෝනා වසංගතය හමුවේ මැනිං වෙළදපළට දිනකට පැමිණෙන එළවළු ලොරි දෙසියක් පමණ වෙනත් ආර්ථික මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට සිදුව තිබේ.

    පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව පූර්ණ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් නව වෙළඳපොළ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

    Latest News