එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි

මාර් 24, 2020

    එළවළු, පළතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි ලැබී ඇති බව වෙළඳුන් ප්‍රකාශ කරයි.

    කොළඹ ඇතුළු දිස්ත්‍රික් 08ක ඇඳිරිනීතිය තාවකාලිකව ඉවත් කිරීමත් සමග ජනතාව විශාල වශයෙන් තමන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණෙන බව වාර්තාවේ.

    කොළඹ මැනින් වෙළඳපොලේ කටයුතු ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතින බව ද අපවාර්තාකරු සඳහන් කරයි. මේ අතර ලබා දි තිබූ සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකළ පිරිස් මැනින් වෙළඳපොල භූමියෙන් ඉවත් කිරීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

    Latest News