COVID-19 වෛරසය ආසාදිත ගණන 97ක්

මාර් 24, 2020

    COVID-19 වෛරසය ආසාදිත බවට මෙරටදී තහවුරු කරගත් පුද්ගලයින් ගණන මේ වනවිට 97 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තාවේ.

    ඊයේ රාති‍්‍රය වනවිට වෛරසය ආසාදිත තවත් රෝගීන් 10 දෙනෙකු හඳුනා ගැණිනි. ඒ අතර සැක සහිත රෝග ලක්ෂණ පවතින පුද්ගලයින් 227 දෙනෙකු දිවයිනේ රෝහල් 22 ක ප‍්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

    නව කොරෝනා වෛරසය මෙරට සමාජය තුළ මේ වනවිට ව්‍යාප්ත වී ඇති ආකාරය පැහැදිලි වන බවත්, සියලූදෙනා ප‍්‍රවේශම් විය යුතු බවත් සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

    Latest News