කොරෝනා ප්‍රතිකාර සඳහා රාගම රෝහලත් සූදානම්

මාර් 22, 2020

    රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22) සිදු කළේය.

    කොරෝනා වෛරසය නිසා මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය හේතුවෙන් වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ද ලබා දීම මෙහි අරමුණයි.

    එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත්වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මේ සඳහා අනුයුක්ත කරන ලදී.

    එම රෝහලෙහි දැඩිසත්කාර ඒකකය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතී.

    වෛරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.

    Last modified on ඉරිදා, 22 මාර්තු 2020 18:41

    Latest News