දිවයිනේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 72ක්

මාර් 21, 2020

    දිවයිනේ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ තවත් 6 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බවට තහවුරුකර ගැනීමත් සමගයි.

    වෛරසය ආසාදනය වී ඇති බවට සැකපිට 217 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ඉන් 88 දෙනෙකු අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇති අතර 12 දෙනෙකු සිටින්නේ, කොළඹ ජාතික රෝහලේ. රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති 16 දෙනෙකු, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති තිදෙනෙකු හා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති 17 දෙනෙකු සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    තවත් 12 දෙනෙකු සිටින්නේ කුරුණෑගල, ශික්ෂණ රෝහලේ. යාපනය ශික්ෂන රෝහලේ දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ. මහනුවර ජාතික රෝහලේ දෙදෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ සිටින 19 දෙනෙකු, මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සිටින 13 දෙනෙකු හා රත්නපුර ශික්ෂණ රෝහලේ සිටින 9 දෙනෙකු පිළිබඳව ද පරික්ෂණ පැවැත්වෙයි. රිච්වේ ආර්යා ළමා රෝහලේ තිදෙනෙකු හා පොලොන්නරුව දස්ත්‍රික් මහ රෝහලේ 21 දෙනෙකු සම්බන්ධයෙන් ද පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 09:59

    Latest News