සංචාරක වීසා මගින් රැකියා ලබාදීමේ ජාවාරමට තිත

සැප් 26, 2020

    සංචාරක වීසා මගින් රැකියා සඳහා ශ්‍රමිකයන් යොමු කිරීමේ ජාවාරම නැවැත්වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

    ඊට සම්බන්ධ වූවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ. ඔහු මේ බව කියා සිටියේ,විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේදී ඊයේ පැවති සාකච්ජාවකදී. බස්නාහිර පළාත් විදේශ රැකියා නියෝජිත ආයතන හිමියන් සමග සාකච්ජාවක් පැවැත්විණ.

    ඒ විදේශ රැකියා ක්ෂේත්‍රය කොවිඩ් වසංගතය හේතුවෙන් පසුබෑමකට ලක්වීමෙන් අපහසුතාවට පත් විදේශ රැකියා නියෝජිත ආයතනවල ගැටලු පිළිබඳව සාකච්ජා කිරීම සඳහායි. රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ, විවිධ සමාජ ජාල මගින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දමන බවට පැතිර යන කරුණු සාවද්‍ය බවයි.

    Latest News