රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ගේ වීසා කාලසීමාව දීර්ඝ කෙරේ

මාර් 01, 2022

    මෙරට රැඳී සිටින යුක්‍රේන හා රුසියානු සංචාරකයින්ගේ වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    රුසියාව හා යුක්‍රේනය අතර මේ දිනවල පවතින අර්බුදය හේතුවෙන් ඔවුන්ට නැවත සිය රට කරා යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.

    එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම සංචාරකයින්ගේ වීසා කාලසීමාව ගාස්තු අය කිරීමකින් තොරව මාස 2ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    රුසියානු සංචාරකයින් 11,463 සහ යුක්‍රේන සංචාරකයින් 3,993 දෙනෙකු මේ වන විට දිවයින තුළ රැඳී සිටී.

    4815f258fc5ed9294f98fa29548a360e

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 10:38

    Latest News