ජපන් නැවේ ලාංකිකයින් දෙදෙනා නිරෝධායනයෙන් පසු දිවයිනට

මාර් 14, 2020

    ඩයමන්ඩ් ප්‍රින්ස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා හට COVID-19 ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

    අලුත්ම වාර්තාවට අනුව ඔවුන් දෙදෙනා අද අලුයම දිවයිනට පැමිණ ඇත.

    ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ඉන්දියාවේ හමුදා වෛද්‍ය කඳවුරක රඳවා නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ. ඉන් පසු ඊයේ රාත්‍රී 10ට පමණ නවදිල්ලි නුවරින් පිටත් වූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පිටත් කර එවූ බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

    Latest News