ඔවුන්ගේ තත්වය පිළිබඳව ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නෞකාව අයත් සමාගම සමග සමීපව ක්‍රියා කරන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.
කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මිය ගිය සමස්ත සංඛ්‍යාව 1,850 ඉක්මවා තිබේ.
වෛරසයෙන් හේතුවෙන් මගීන් රැගත් නෞකා වරායවලට ඇතුළුවීම තහනම් කිරීම ද රටවල් රැසක් පියවර ගැනිණ. ජපානයේ නැගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවෙන් කොවිඩ් 19 ආසාදිතයන් 454 දෙනෙකු වාර්තා වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ. 3700 පමණ පිරිස දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කිරීමටයි ජපාන බලධාරීන් පියවර ගෙන ඇත්තේ. නෞකාවේ සිටි අමෙරිකානුවන් 40කට වෛරසය වැළදී තිබේ.