‘තකනාමි’ කොළඹ වරායට සේන්දු වෙයි

පෙබ 23, 2020

    ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’(TAKANAMI) නෞකාව ඊයේ කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගැනිණ.

    දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම මෙහි අරමුණයි. දිවයිනට පැමිණි මෙම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් යූචි නිහාරා (Ryouichi Nihara) ඇතුළු නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත විය.

    එහිදී එම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ.

    Last modified on ඉරිදා, 23 පෙබරවාරි 2020 10:34

    Latest News