213ක් නිරෝධායනයට වවුනියාවට 

මාර් 14, 2020

    විදේශ රටවල සිට මෙරටට පැමිණි 213 දෙනෙකු නිරෝධායනය සඳහා වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුර වෙත ඊයේ සවස රැගෙන යනු ලැබීය. ඒ විශේෂ බස්රථ 6කින්. එම කඳවුරේ නිරෝධායන කටයුතු සඳහා සියලු පහසුකම් සළසා තිබේ.

    කොරෝනා වෛරසය ආසාදිත බවට සැක කෙරුණ අයෙකු රැගත් කලවංචිකුඩි රෝහලේ සිට මඩකලපුව රෝහල වෙත රැගෙන පැමිණි ගිලන් රථය රෝහල තුලට ඇතුළුවීම වළක්වාලමින් කලහකාරී හැසිරුනු පුද්ගලයන් 9 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. ඔවුන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකාරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරිණ.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එම ජනතාවගේ දෑත් සේදීමට හා අවස්ථා දෙකක දී ආයුර්වේද දියරයක් ගැල්වීම ඇතුළු පියවර රැසක් ගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 11:36

    Latest News