“කොරෝනා“ මෝදිගේ ඉල්ලීමට, ජනපතිගෙන් ප්‍රතිචාර

මාර් 14, 2020

    COVID-19 වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ක්‍රමෝපායක් සැකසීම සම්බන්ධව ඉන්දීය අගමැති මෝදිගේ ප්‍රකාශයට, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි.

    කොරෝනා වෛරසයට එරෙහිව සටන් වැදීම සඳහා ශක්තිමත් ක්‍රමෝපායක් සැකසීමට දකුණු ආසියාතික රටවල නායකත්වය එක්විය යුතු බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි twitter ඔස්සේ අදහස් දක්වා තිබිණි.

    ඊට පිලිතුරු ලෙස ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් යොමු කරමින් සඳහන් කළේ එවැනි සංවාදයක් සඳහා එක්වීමට ශ්‍රී ලංකාව සූදානම්ව සිටින බවයි. තමන් සතුව ඇති දැනුම සහ යහභාවිත බෙදා ගැනීමටත් සාක් සංවිධානයේ සාමාජික අනිකුත් රටවලින් ඉගෙන ගැනීමටත් හුවමාරු කර ගැනීමටත් එමගින් අවස්ථාවක් සැලසෙන බව එම පණිවුඩයේ සඳහන් වේ. එමෙන්ම මෙම තීරණාත්මක අවධියේ ජනතාවගේ සුරක්ෂිතතාව උදෙසා සහෝදරත්වයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පණිවුඩයෙන් අවධාරණය කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 17:01

    Latest News