උතුර හැර අනෙක් පළාත්වල කාලගුණයේ වෙනසක්

මාර් 14, 2020

    උතුරු පළාතේ හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින කාලගුණ තත්වයේ තරමක වෙනසක් එළඹෙන 16 හා 17 දෙදින තුල බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    රත්නපුර,කළුතර,ගාල්ල,මාතලේ,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වය තවදුරටත් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 14 මාර්තු 2020 11:29

    Latest News