දුම්රිය ජනතාවට සමීප සේවයක් කිරීමට ජනපතිගේ අවධානය

මාර් 12, 2020

    දුම්රිය සේවාවේ අඩුපාඩු හඳුනාගනිමින් කාර්යක්ෂම සහ ජනතාවට සමීප සේවයක් බවට පත් කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

    දුම්රිය ප්‍රමාදය පිටුදැකීම මැදිරි පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළු අවශ්‍යතා සපුරාලමින් එම සේවාව විධිමත් කිරීමට අවශ්‍ය සැලසුම් හා තීරණ ගන්නා ලෙසයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.

    ජනාධිපතිතුමා මෙම උපදෙස් දෙනු ලැබුවේ දුම්රිය සේවාවේ වර්ධනයට අවශ්‍ය පියවර සාකච්ජා කිරීම සඳහා ඊයේ පැවති හමුවකදී. හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. විදෙස් සංචාරකයින් ඉලක්කකර දුම්රිය සේවාව ආකර්ෂනීය හා නවීකරණය කිරීම කෙරෙහි ද මෙහිදී සාකච්ජා කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 17:08

    Latest News