කොරෝනා ආසාදිත රෝගියාගේ පුත්‍රයාට රෝගය වැළඳී නැහැ...අනිල් ජාසිංහ

මාර් 12, 2020
    නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකික ආසාදිතයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති බව රජය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරනු ලැබේ.
    මේ අතර,  එම පුද්ගලයාගේ පුත්‍රයාට රෝගය වැළඳී ඇතැයි පැවසෙන කට කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. එසේම එම දරුවන් අධ්‍යාපනය ලබන කොළඹ ආනන්ද විද්‍යාලයට අද උදෑසන වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකුව පිටත් කර යවා තත්ත්වය පරික්‍ෂා කළ බවද ජාසිංහ මහතා සදහන් කර සිටියේ මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ය. 
    එම දරුවාට රෝගය ආසාදනය වීමේ සම්භාවිතව අඩු මට්ටමක පවතින බවත් දරුවාගෙන් අනෙක් දරුවට රෝගය වැළදීමේ අවස්ථාව ද ඉතාම අවම බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැහැදිලි කළේය.  
    ආසාදිත පුද්ගලයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ පවුලේ කිසිදු අයෙකුට රෝග ලක්‍ෂන පෙන්නුම් කර නොමැති බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය. 
    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 11:58

    Latest News