නාමයෝජනා බාරගන්නා කාලයේ පොලීසිය සීරුවෙන්

මාර් 12, 2020

    ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා බාරගන්නා කාලය තුළ විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    නාම යෝජනා බාරගන්නා ස්ථානයන්හි මහජනයා හැසිරවීම සහ රථවාහන පාලනයට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි, පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ. මැතිවරණ නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් කොට්ඨාස භාර නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවයි, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 මාර්තු 2020 08:13

    Latest News