“කොරෝනා“ වැළැක්වීමට ශ්‍රී ලාංකිකයන්ගේ සහය අවශ්‍යයි; ජනපති

මාර් 11, 2020

    “කොවිඩ් නයින්ටීන්“ රෝගය පැතිරයාම වැළැක්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ගයට සියලු ශ්‍රී ලාංකිකයින්ගේ සහය ලබාදිය යුතු බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම අරමුණින් සෞඛ්‍ය හා අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන් සමඟ අද පැවති විශේෂ සාකච්ජාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

    එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා...

    “අපිට ජනතාව වෙනුවෙන් වගකීමක් තියෙනවා. මොකද මේක පැතිරුණොත් පාලනය කරගන්න බැරි තත්වයක්. මුළු ලෝකයේම අපිටත් වඩා දියුණු රටවල්වල්වලට මේක පාලනය කරගන්න බැරිවෙන තත්වයකට ගිහිල්ලා තියෙනවා. අපි මේක මුල ඉඳලම පාලනය කරගත යුතුයි. අපි රජයක් හැටියටත්, ඒ වගේම ජනතාවටත් විශාල වගකීමක් තියෙනවා මේක පාලනය කර ගැනීම. ළමයි වගේ නෙමෙයි, ළමයි බොහොම සතුටින් ඇවිල්ලා ඒකට ගියා. නමුත් මේ කණ්ඩායම් බොහොම විරෝධයක් පළ කළා. ඒ වගේම වැරදි තොරතුරු අවාසනාවකට සමාජ මාධ්‍යවල යනවා. දැන් එක අතකින් අපිට ලොකු වගකීමක් තියෙනවා රට වෙනුවෙන් මේකට අවශ්‍ය සියලුම පාලන ක්‍රම කරන්න. ජනතාවක් හැටියට මේක තේරුම් අරගන්න ඕනේ. මේ අය හැම කෙනෙක්ම සහයෝගය දෙන්නට ඕනේ. මේ කාර්ය සඳහා. මොකද මේක පාලනයකින් තොරව පැතිරුණොත් විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා. මේ නිසා අපි වඩාත්ම පරිස්සම් වෙන්න ඕනේ පුලුවන් තරම් අපි ඒ අවශ්‍ය කටයුතු කරන්න වෙනවා“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    Latest News