පළාත් කිහිපයක් හෙට උණුසුම් වේ

මාර් 09, 2020

    බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වලට මෙන්ම මොණරාගල දිස්ත්‍රික්කය සදහා වැඩි අවදානයක් යොමු කළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.



    ඒ අනුව අදාළ ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය අංශ සිදු කර ඇති පූර්ව දැනුවත් කිරීම් අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතුවලින් වැලකී සිටිය යුතු වේ.

    වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පිළිබඳවලද අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කර සිටියි.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 07:40

    Latest News