වසර 100කට පසු චීනයේ වැඩි ම උෂ්ණත්වය

මැයි 30, 2023

    චීනයේ "ෂැංහයි" නගරයේ උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ‍ ගොස් තිබෙනවා.

    එය සෙල්සියස් අංශක 36.7 ක් ලෙස දැක්වුණු අතර, එය නගරයේ සාමාන්‍ය උෂ්ණත්වයට වඩා ඉහළ අගයක් බවයි, වාර්තා වන්නේ.

    චීනයේ විශාලතම නගරය සහ ගෝලීය මූල්‍ය කේන්ද්‍රස්ථානක් වන "ෂැංහයි" නගරයෙන් වසර සියයකට පසු වාර්තා වූ ඉහළතම උෂ්ණත්වය මෙය බවයි, එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ. අධික තාපය හේතුවෙන් නගර වැසියන් දැඩි අපහසුතාවකට ලක්ව සිටිනු දැක ගත හැකියි. විද්‍යාඥයින් ‍පෙන්වා දෙන්නේ, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග ලොව බොහෝ කලාපයන්හි අහිතකර කාලගුණික තත්වයන් තවදුරටත් උග්‍ර වී ඇති බවයි. මේ දිනවල අග්නිදිග සහ දකුණු ආසියානු කලාපීය රටවල් රැසකම උෂ්ණත්වය මෙලෙස වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව, ඔවුන් පවසනවා‍.

    Latest News