යුරෝපයේ රටවල්‌ රැසකින්‌ අධික උෂ්ණත්වයක්

ජූනි 29, 2020

    යුරෝපයේ රටවල්‌ රැසකින්‌ මේ දිනවල අධික උෂ්ණත්වයක්‌ වාර්තා වනවා.

    ස්වීඩනයේද පසුගිය දින කිහිපය පුරා දැඩි උෂ්ණත්වයක්‌ පැවැති අතර, ස්ටොක්හෝමිහි එය සෙල්සියස්‌ අංශක 30 ඉක්මවා ඇති බවයි වාර්තා‌ වන්නේ.

    ස්වීඩන කාලගුණ බලධාරීන්‌ පවසන්නේ වසර 30 කට වැඩි කාලසීමවක්‌ තුළ, එරට වඩාත්‌ උණුසුම්ම දිනය පසුගිය බදාදා වාර්තා වූ බවයි. මේ‌ හේතුවෙන්‌, එරට ජනතාව දැඩි අපහසුනාවට පත්ව සිටිනවා. උෂ්ණාධික තත්වය හේතුවෙන්‌, ඇතැමුන්‌ වෙරළ තීරයට පැමිණ විනෝද වන අයුරු දැකගත හැකියි. ස්වීඩන බලධාරීන්‌ පවසන්නේ උෂ්ණත්වය නිසා ඇතිවන ආසාත්මික තත්වයන්‌ වළක්වාගැනීමට ක්‍රියා කළ යුතු බවයි, ගිම්හාන සෘතුවේ සාමාන්‍ය කාලගුණය ලබන සතිය වන විට ඇති විය හැකි බවයි, එරට කාලගුණ බලධාරීන්‌ පවසන්නේ.

    Latest News