ලුණුගම්වෙහෙර රිය අනතුරකින් 06 ක් මරුට (වීඩියෝ)

මාර් 09, 2020
  • ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

    වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලීස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

    ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මත්තල-කතරගම මාර්ගයේ 22 කණුව ආසන්නයේදී අද අළුයම 1.45ට පමණ වෑන් රථයක් රියදුරුට පාලනය කරගත නොහකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව තිබේ.

    අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පුද්ගලයින් 09 දෙනෙකු ගමන් කර ඇති බව පොලිසිය සඳහන් කළේය. ඔවුන් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. සෙසු පුද්ගලයින් තිදෙනා හම්බන්තොට සහ දෙබරවැව රෝහල වෙත ඇතුළත් කර තිබේ.

    වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය වි ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. මියගිය අයගේ මෘත ශරීර ලුණුගම්වෙහෙර රෝහලේ තැන්පත් කර තිබේ. ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    Last modified on සදුදා, 09 මාර්තු 2020 20:13

    Latest News