මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

දෙසැ 15, 2018

     

    අධිකරණයෙන් ලබා දුන් තීන්දුව අනූව නව අගමැතිවරයෙකු පත්කර ගැනීමට ජනපතිට අවස්ථාව ලබාදෙමින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. ඒ අනූව නව අමාත්‍ය මණ්ඩලයක් ද දිවුරුම් දුන් අතර පාර්ලිමේන්තු සභාවාරය නොවැම්බර් 14 වැනිදා දක්වා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් කල් තැබිණ. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු ඔහුට පාර්ලිමේන්තුව තුල ආණ්ඩුබලය ගෙනයාමට අවශ්‍ය 113ක බහුතර මන්ත්‍රී කැමැත්ත හිමි නොවීය.


    අවස්ථා කිහිපයක දී පාර්ලිමේන්තු සභාවාරයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහභාගී නොවීය. මේ අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් මගින් පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවයි. කෙසේ වෙතත්, නව අගමැතිවරයෙකු ප්‍රමුඛ නව ආණ්ඩුවක් පත්කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අවස්ථාව ලබා දෙමින් සිය ධුරයෙන් අද ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළේය.

    Last modified on සෙනසුරාදා, 15 දෙසැම්බර් 2018 11:10

    Latest News