ජාත්‍යන්ත කාන්තා දින ජනපති පණිවුඩය

මාර් 08, 2020

    මානව සංහතියෙන් අඩක් නිර්මාණය කරන්නා වූත් සෑම රටකම සමාජ සංස්ථාවෙහි පැවැත්ම හා ප්‍රගමනය නිශ්චය කරන්නා වූත් අතිශය වැදගත් සාධකයක් වන කාන්තා දායකත්වය ගෞරවනීය ලෙස සිහිපත් කෙරෙන අන්තර් ජාතික කාන්තා දිනය නිමිත්තෙන් මා මේ පණිවුඩය නිකුත් කරන්නේ ස්ත්‍රී ප්‍රජාවගේ කාර්ය භාරය ගැන කෘතඥතා පූර්වක හැඟීමෙනි.

    ජනගහනයෙන් හරි අඩකටත් වඩා නියෝජනය කරන ශ්‍රී ලාංකේය කාන්තා ප්‍රජාවේ සමාජ සංවර්ධන දර්ශක ලොව සංවර්ධිත රාජ්‍යයන්ගේ මට්ටමට ළගා වී තිබීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලාංකික කාන්තාවට අප ලබාදී ඇති වටිනාකමයි. සාක්ෂරතාව, සමාජ සහභාගීත්වය සහ ආයු අපේක්ෂාව වැනි බොහෝ අංශවලින් ඉදිරියෙන් සිටිමින් අද අපේ ආර්ථිකයේ වැඩි දායකත්වය දරන්නේ ද ඇයයි.

    සමස්තයක් ලෙස ශ්‍රී ලාංකීය කාන්තාව අත්කර ගෙන ඇති ජයග්‍රහණ පිළිබඳව සතුටට පත් වන අතරම කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාර ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දැක ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට මගේ රජය කැපවී සිටී. එමෙන්ම ස්වාධීන තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළම තනතුරු හෙබවීමට මෙන්ම රටේ දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකික කාන්තාවට ඇති අවස්ථා අප විසින් තවදුරටත් සහතික කර දිය යුතු වන්නෙමු.

    ඇය දිරිමත් - රට සවිමත් කාලීන තේමාව යටතේ මෙවර සැමරෙන අන්තර් ජාතික කාන්තා දිනයේ සියලු අරමුණු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි, ප්‍රාර්ථනා කරමි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 07:43

    Latest News