ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

මාර් 08, 2020

    ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.

    ජාත්‍යන්තර කාන්තා දිනය අදයි.  "ඇය දිරිමත් - රට සවිමත්" මෙවර තේමාවයි. 1857 වසරේ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ රෙදි කම්හල් සේවිකාවන් පිරිසක් සේවක අයිතිවාසිකම් හා සම උරුමය ඉල්ලා පෙළපාලියක නිරත විය.  එදා පැවැත්වුණේ, ඉතිහාසයේ ප්‍රථම කාන්තා පෙළපාලියයි.  1910 පැවති සමාජවාදී කාන්තා සම්මේලනයේදී යෝ්ජනා කෙරුණේ, කාන්තාවන්ගේ නිදහසට ප්‍රථමයෙන් සටන් වැදුනු මාර්තු 8 වැනිදා කාන්තා දිනය ලෙස නම්කළ යුතු බවයි.  එම යෝජනාව ප්‍රථමයෙන්ම අමෙරිකාවේ සහ ජර්මනියේ ක්‍රියාත්මක විය.  ලොව පුරා කෝටි සංඛ්‍යාත කාන්තාවන් මේ දිනය සමරන්නේ තම විමුක්ති උත්පත්ති දිනය ලෙසයි.

    ඇය දිරිමත් - රට සවිමත් යන්න තේමා කර ගත් ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවය මෙවර පැවැත්වෙන්නේ, රත්නපුර නගර ශාලාවේදීයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ ආමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් අද උත්සවය පෙවරු 9.00ට ආරම්භ වෙයි.

    Last modified on ඉරිදා, 08 මාර්තු 2020 09:57

    Latest News