මෙවර බිම්ස්ටෙක් සමුළුව ශ්‍රී ලංකාවේ

මාර් 05, 2020

    බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බිම්ස්ටෙක් සමුළුවට මෙවර ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරයි.

    බිම්ස්ටෙක් මහලේකම් එම් සහිදුල් ඉස්ලාම් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ මේ බව නිල වශයෙන් දැනුම් දුන්නේය. ඒ ජනාධිපති කාර්යාලයේ දී මහ ලේකම්වරයා ජනාධිපතිතුමාව හමුවූ අවස්ථාවේදී. ඒ අනූව 2018/2020 වසර දක්වා බිම්ස්ටෙක් සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. සමුළුව සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙනු ඇති. බිම්ස්ටෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මාර්තු පළමුවැනිදා සිට තුන්වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙයි.

    එහිදී බිම්ස්ටෙක් ප්‍රඥප්තිය පිළිබඳ අවසන් තීරණයකට එළඹිණ. බිම්ස්ටෙක් සමුළුව බංගලාදේශය,භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් 7කින් සමන්විත කලාපීය හවුලක්. බෙංගාල බොක්ක ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල තාක්ෂික හා ආර්ථික සහයෝගීතාව ඇති කිරීම මෙහි අරමුණයි. බිම්ස්ටෙක් සමුළුව ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි පැවැත්වුණු අතර එය මේ වන විට ක්ෂේත්‍ර 7ක් දක්වා අවම කර තිබේ. ශ්‍රී ලංකාව විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ නායකත්වය සපයයි. බංගලාදේශය වෙළෙඳ හා ආයෝජන, භූතානය පරිසර හා කාලගුණික විපර්යාස, මියන්මාරය කෘෂිකර්ම හා ආහාර සුරක්ෂිතතාව, ඉන්දියාව ආරක්ෂාව, නේපාලය අන්තර් පුද්ගල සබඳතා හා තායිලන්තය සබඳතා ක්ෂේත්‍රයට නායකත්වය දරනු ඇති.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 12:23

    Latest News