අපයෝජනයට ලක්වු දැරිය ගැන CIDයෙන් තොරතුරු ඉල්ලයි

මාර් 03, 2020

    අන්තර් ජාලයේ පළ වු ළමා අපයෝජන වීඩියෝවට අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ වීඩියෝව අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් ජාල ගත ආවේෂණ සිදු කරමින් මෙම සැකකරුවන් හඳුනා ගැනීමට උත්සහ දරනු ඇතැයි පොලිස් මූලස්ථානය.

    සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කඩිනම් කිරීම සඳහා අන්තර් ජාලය තුළ ප්‍රචාරණය වු වීඩියෝවේ සිටින වින්දිත දැරියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය බවද පොලීසිය පවසයි.

    ඒ අනුව එම වීඩියෝවේ සිටින දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට පවසයි.

    දුරකථන අංක -

    077 78 78 414
    071 82 64 024

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 15:20

    Latest News