මිද්දෙණියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මාර් 03, 2020

    මිද්දෙණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ දී අවමංගල උත්සවයකට සහභාගී වී නැවත යමින් සිටි පුද්ගලයෙකුට තවත් පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් තිබේ. සැකකරු අද (03) දහවල් 1.10ට පමණ වෙඩි තබා පල ගොස් ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ.

    තුවාලකරු තලාව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ.
    ඔහු 36 හැවිරිදි කාරියමඩිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මෘතශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිද්දෙණිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 15:27

    Latest News