පොලිස් නිලධාරීන් 3කට උසස් වීම්

මාර් 03, 2020

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් 2019.07.15 වන දින සිට බලපැවැත්වෙන පරිදි පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට උසස් විම් ලබා දී තිබේ.

    ඒ අනුව ගල්කිස්ස කොට්ඨාසයේ, සහකාර පොලිස් අධිකාරී ඩබ්.එල්.පී.එම් අබේසේකර මහතා හා සහකාර අධිකාරී ඩබ්.එම්.එස් වෙදගේ යන මහත්වරුන් පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

    2018.07.10 වන දින ක්‍රියාත්මක වන පරිදි මීගමුව කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජී.ද සිල්වා කාලිංග මහතා සහකාර පොලිස් අධිකාරී තනතුරට පත්කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 08:20

    Latest News