මෙවර ප්‍රධාන පක්ෂ සන්ධානගත වූ මැතිවරණයක්

මාර් 03, 2020

    මැතිවරණයට මුහුණදීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ සන්ධානගත වීම මෙවර විශේෂත්වයක්. 

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය බිහිකර තිබේ.  පිළිගත් දේශපාලන පක්ෂ 12ක් හා සිවිල් සංවිධාන රැසක් ඊට සහය ලබා දෙයි.  සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කරන අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සභාපතිවරයායි.

    මෙවර මැතිවරණයේ දී අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.  ඊට මුලසිටම විරෝධය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමගි ජනබල වේගය බිහි කළේය.  ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් හා සිවිල් සංවිධාන කිහිපයක් ඔවුන් සමග සන්ධාන ගතව සිටියි.  අලියා ලකුණින් බැහැර වී වෙනත් ලකුණක් යටතේ මැතිවරණයට තරග කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.  කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය,සමගි ජනබලවේගය නිල වශයෙන් මෙතෙක් එක්වී නොමැත.

    ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිතයි.  ඔවුන්ගේ ලකුණ මාලිමාවයි.

    Last modified on අඟහරුවාදා, 03 මාර්තු 2020 08:15

    Latest News