අනවසරයෙන් මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 3කට මාංචු

ඔක් 13, 2019

    මන්නාරම, සවුත්බාර් වෙරළ තීරයේ අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල යෙදුනු මුහුදු කූඩැල්ලන් 55 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගැනිණ.

    ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් සහ ඔක්සිජන් සිලින්ඩර් 05 ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ. මෙම පුද්ගලයින් අවුරුදු 25, 27 සහ 28 වන වියෙහි පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

    සැකකරුවන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 09:48

    Latest News