ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව - පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයි

දෙසැ 13, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී  යැයි සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කලේය.

    එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවෙන් සඳහන් කර තිබේ. එමෙන්ම වසර හතර හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බව තින්දුවේ සඳහන්.

    ප්‍රියන්ත ජයවර්ධන, බුවනෙක අළුවිහාරයේ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරු වරුන්ගේ එකගත්වය සහිතව අගවිනිසුරු නලිත් පෙරේරා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කළා.සිසිර ද ආබෲ විනිසුරුවරයා තීන්දුව අනුමත කරමින් වෙනම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණ.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල්  ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.
    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ග ව්‍යවස්ථානුකූල බවට තීන්දු කරන මෙන් ඉල්ලා අතරමැදි  පෙත්සම්කරුවන්  වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ආචාර්ය ජගත් වැල්ලවත්ත, නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත, ආචාර්ය චන්න ජයසුමන යනු පාර්ශවකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අතරමැදි පෙත්සම් ද ඉදිරිපත් කර තිබුණා.
    court case px 900 18 12 13 
    Last modified on සිකුරාදා, 14 දෙසැම්බර් 2018 18:00

    Latest News