පාර්ලිමේන්තුව විසුරුවීම; පෙත්සම විභාගය සිව්වැනි දිනටත් අද

දෙසැ 07, 2018

    පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහි ගොනු කර ඇති පෙත්සම වැඩිදුර විභාගය සිව්වැනි දිනටත් අද පැවැත්වීමට නියමිතයි.

    ඒ, අගවිනිසුරු නලීන් පෙරේරා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ.

    පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඊයේ තෙවැනි දිනටත් පැවැත්විණ. එහිදී පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පැනවූ අතුරු තහනම් නියෝගය හෙට (08) දක්වා දීර්ඝ කෙරිණ.

    ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධීයැයි, ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර ඇත.

    Latest News